මනාලියක් සොයා
මා හට තවත් උගන්වා පලක් නැති බව විශ්වාස කරන අම්මා දැන් උත්සහ කරන්නේ මා හට මනාලියක් සොයා දීමට ය..
ඒ සඳහා පුවත්පත් දැන්වීමක් පල කල ඈ මා ඉදිරියේ ඒ සඳහා ලැබුණු පිලිතුරු කියවන්නට ගත්තේ සුදුස්සියක් තෝරා ගන්නා ලෙස කියමිනි..
මේ බලන්න මේ ලමයා – බොදු ගොවි, වයස අවුරුදු 15 යි.. පාපී ග්‍රහ… ” ඈ දිගින් දිගට ම කියෝගෙන යයි..
අම්මේ….. ” මම බාධා කළෙමි.. ” ඕවා වැඩක් නෑ.. ඒ අයගෙ ගතිගුණ කියන්ඩ බලන්න.. ”
මේකාට තියෙන කලබලේ.. අම්මා රැව්වා ය..
ඔන්න අහගන්නවා එහෙනං.. ” ඈ කියන්නට පටන් ගත්තා ය..
” මේ ළමයා හෙනරත්ගොඩ.. එයාට ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න පුලුවන්ලු.. ඊගාවට ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න පුලුවන් කියනවා.. ”
” මේ ළමයා හෙනරත්ගොඩ.. එයාට ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න පුලුවන්ලු.. ඊගාවට ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න පුලුවන් කියනවා.. ”
” එපා – ශාරීරික හිංසන වලට මං කැමති නෑ.. අනික ගාට ගාට ඇවිදින්නෙ ලෙඩෙක් වෙන්ඩැති.. ”
” එහෙනං මෙයා.. ආට් වලින් කැම්පස් යන්ඩ ඉන්න ළමයෙක්.. සිංදු කියන්න දක්ෂලු.. රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න පුලුවන් කියලා තියේ.. හැබැයි පාට පාට පන් පැදුරේ ඒ ළමයාටත් ඉඩ තියන්නලු.. “
” බෑ.. ” මම හරස් වුණෙමි.. ” රෑට රෑට එයා කොඳුරන්න ගත්තා ම මං නිදාගන්නෙ කොයි වෙලාවට ද ?? අනික ඇඳේ මටයි ටෙඩි බෙයාලා ටිකටයි ඉඩ ඕනි.. වෙන කාටවත් ඉඩ නෑ.. ”
” මූට ගෑණු හොයන්ඩ ලේසි නෑ.. ” අම්මා තනි ව කියවයි.. ” බලමු එහෙනං ඊගාව එක.. ”
” ආ… මේ ළමයා හොඳයි වගේ පුතේ.. මේ බලන්ඩ.. කුකරි ක්ලාස් තුනකට ගිහින් තියෙන ලමයෙක්ලු.. හාල් ගරන්නත් පුළුවන්ලු වතුර තියන්නත් පුළුවන්ලු.. ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම් කියලා කියනවා.. ”
” ආ… ” මම උනන්දු වීමි.. ” ඒක නම් හොඳයි වගේ.. තව විස්තර මොනවද ?? ”
අම්මා පිලිතුරු පත්‍රය දෙසට නැවත ඇහැ යොමු කළා ය..
” බතට මාලුව විදිහට හොදි ඒදන්නයි කූරු ගාන්නයි පුළුවන්ලු.. අඩු ගානේ කිරි හොද්දක් හරි හදල තියන්නම් කියනවා හැමදාම.. ”
” බතට මාලුව විදිහට හොදි ඒදන්නයි කූරු ගාන්නයි පුළුවන්ලු.. අඩු ගානේ කිරි හොද්දක් හරි හදල තියන්නම් කියනවා හැමදාම.. ”
” එපා එපා – මං කිරිහොදි කන්න ආස නෑ.. ”
” අයියෝ… ” අම්මා විස්සෝප වෙයි.. ” එහෙනං මේක බලමු.. කලුතරින් මානෙල් කුමාරි.. එයාට ගෙවතු වගාව ගැන උපාධියක් තියෙනවා.. මල් හිටවන්න වල් ගලවන්න පුළුවන්ලු.. ආ විගස කරන්නේ නැන්දම්මා සිටවා ඇති සියලු පැල ගලවා දැමීමලු.. ඈ… මේකි යකෝ.. ඒකිගෙ #&%-#&$#;#@@*#@… ”
” අම්මෙ අම්මේ.. කලබල නොවන්න.. ඉවසන්න.. ” මම කලුතර බලා යන බස් ඇති වේලාවන් පිරික්සමින් සිටි අම්මා ව සන්සුන් කලෙමි.. ” ඊගාව එක කියන්න බලන්න.. ”
” ම්… මේක නං මේ ලඟපාතින්.. මහරගමින්.. ඒ ළමයා රඟපාන්න දක්ෂ ලමයෙක්ලු.. හොඳට අඬන්නත් පුළුවන්ලු ඕන්නම් නාඬම ඉන්නත් පුළුවන්ලු.. ආ… රතු පෑනෙන් ලියලා තියේ ටික දොහකින් දරු පැටියෙක් තෑගි කරන්නම් කියලා.. ”
” ආ ඒක නියමයි.. ” රතු පෑනින් තිබූ වැකිය නිසා ආනන්දයට පත් මම කෑගැසීමි.. ” ඒ ගෑණු ළමයාට මං කැමතියි කියන්න අම්මේ.. ”
ඉතින් අම්මා ඒ ලිපිනයට පිළිතුරු යැවූ අතර අප මනා වස්ත්‍රාභරණයෙන් හා සූසැටභරණින් සැරසී නා කපනා වැහි වහින දිනෙක කඩිමුඩියේ ඈ බැලීමට ගියෙමු..
ඉතින් අම්මා ඒ ලිපිනයට පිළිතුරු යැවූ අතර අප මනා වස්ත්‍රාභරණයෙන් හා සූසැටභරණින් සැරසී නා කපනා වැහි වහින දිනෙක කඩිමුඩියේ ඈ බැලීමට ගියෙමු..
අප ව සාදරයෙන් පිළිගත් නිවැසියෝ මද වේලාවක් සුහද කතාවේ නියැලෙමින් සිටි අතර මනාලිය ඉදිරිපත් කිරීමේ අවස්ථාව සඳහා කාලය ද එළැඹුණි..
” දැන් පිළිගන්න අපේ දුව… ”
ඇගේ පියා මදක් ඉදිරියට නැවී අත දිගු කර නාට්‍යානුසාරයෙන් පැවසූ අතර මාගේ අනාගත සහකාරිය ; මාගේ දරුවන්ගේ මව වීමට නොඉවසිල්ලෙන් බලා සිටින ඒ කුලඟන දැක බලා ගැනීමට මා වහා එදෙසට හැරුණෙමි..
අහෝ…!!!! මහත් වූ උදරයක් සහිත ගැබිණියක් මා දෙසට පැමිණෙයි..
” මේ – මේ – මේ ළමයා ප්‍රෙග්නන්ට්නෙ… ” මට ගොත ගැසෙයි.. වචන පැටලෙයි.. කෙළ නොගිලෙයි.. හුස්ම නොවැටෙයි..
” මේ – මේ – මේ ළමයා ප්‍රෙග්නන්ට්නෙ… ” මට ගොත ගැසෙයි.. වචන පැටලෙයි.. කෙළ නොගිලෙයි.. හුස්ම නොවැටෙයි..
” ආ… ඒක මේ සුලු වැරැද්දක් නිසා වුණු දෙයක්.. ” ඇගේ මව සිනාසුණි.. ” ඩිලිවරියට තව මාසයයි… ඒකනෙ දුව ටික දවසකින් දරුවෙක් තෑගි කරන්නම් කියලා ලියලා යැව්වෙ බෑණෝ… ”
” මොකක් ?????? බෑ–ණා !!! ”
මම ක්ලාන්ත වී ඇද වැටුණෙමි…
– නිරුණ තිවංකර කඳන්හේන –

This comment has been removed by the author.
ReplyDeletefatta..
ReplyDeletemaru...
ReplyDeletehiyooo
ReplyDelete