Search This Blog

Wednesday, January 23, 2019

Because I love you












I do not love you except because I love you; 
I go from loving to not loving you,
From waiting to not waiting for you
My heart moves from cold to fire.

I love you only because it's you the one I love;
I hate you deeply, and hating you
Bend to you, and the measure of my changing love for you
Is that I do not see you but love you blindly.

Maybe January light will consume
My heart with its cruel
Ray, stealing my key to true calm.

In this part of the story I am the one who
Dies, the only one, and I will die of love because I love you,
Because I love you, Love, in fire and blood.


by Pablo Neruda...

Wednesday, January 16, 2019


 මනාලියක් සොයා





මා හට තවත් උගන්වා පලක් නැති බව විශ්වාස කරන අම්මා දැන් උත්සහ කරන්නේ මා හට මනාලියක් සොයා දීමට ය..
ඒ සඳහා පුවත්පත් දැන්වීමක් පල කල ඈ මා ඉදිරියේ ඒ සඳහා ලැබුණු පිලිතුරු කියවන්නට ගත්තේ සුදුස්සියක් තෝරා ගන්නා ලෙස කියමිනි..
මේ බලන්න මේ ලමයා – බොදු ගොවි, වයස අවුරුදු 15 යි.. පාපී ග්‍රහ… ” ඈ දිගින් දිගට ම කියෝගෙන යයි..
අම්මේ….. ” මම බාධා කළෙමි.. ” ඕවා වැඩක් නෑ.. ඒ අයගෙ ගතිගුණ කියන්ඩ බලන්න.. ”
මේකාට තියෙන කලබලේ.. අම්මා රැව්වා ය..
ඔන්න අහගන්නවා එහෙනං.. ” ඈ කියන්නට පටන් ගත්තා ය..
” මේ ළමයා හෙනරත්ගොඩ.. එයාට ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න පුලුවන්ලු.. ඊගාවට ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න පුලුවන් කියනවා.. ”
” එපා – ශාරීරික හිංසන වලට මං කැමති නෑ.. අනික ගාට ගාට ඇවිදින්නෙ ලෙඩෙක් වෙන්ඩැති.. ”
” එහෙනං මෙයා.. ආට් වලින් කැම්පස් යන්ඩ ඉන්න ළමයෙක්.. සිංදු කියන්න දක්ෂලු.. රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න පුලුවන් කියලා තියේ.. හැබැයි පාට පාට පන් පැදුරේ ඒ ළමයාටත් ඉඩ තියන්නලු.. “
” බෑ.. ” මම හරස් වුණෙමි.. ” රෑට රෑට එයා කොඳුරන්න ගත්තා ම මං නිදාගන්නෙ කොයි වෙලාවට ද ?? අනික ඇඳේ මටයි ටෙඩි බෙයාලා ටිකටයි ඉඩ ඕනි.. වෙන කාටවත් ඉඩ නෑ.. ”
” මූට ගෑණු හොයන්ඩ ලේසි නෑ.. ” අම්මා තනි ව කියවයි.. ” බලමු එහෙනං ඊගාව එක.. ”
” ආ… මේ ළමයා හොඳයි වගේ පුතේ.. මේ බලන්ඩ.. කුකරි ක්ලාස් තුනකට ගිහින් තියෙන ලමයෙක්ලු.. හාල් ගරන්නත් පුළුවන්ලු වතුර තියන්නත් පුළුවන්ලු.. ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම් කියලා කියනවා.. ”
” ආ… ” මම උනන්දු වීමි.. ” ඒක නම් හොඳයි වගේ.. තව විස්තර මොනවද ?? ” 
අම්මා පිලිතුරු පත්‍රය දෙසට නැවත ඇහැ යොමු කළා ය..
” බතට මාලුව විදිහට හොදි ඒදන්නයි කූරු ගාන්නයි පුළුවන්ලු.. අඩු ගානේ කිරි හොද්දක් හරි හදල තියන්නම් කියනවා හැමදාම.. ”
” එපා එපා – මං කිරිහොදි කන්න ආස නෑ.. ”
” අයියෝ… ” අම්මා විස්සෝප වෙයි.. ” එහෙනං මේක බලමු.. කලුතරින් මානෙල් කුමාරි.. එයාට ගෙවතු වගාව ගැන උපාධියක් තියෙනවා.. මල් හිටවන්න වල් ගලවන්න පුළුවන්ලු.. ආ විගස කරන්නේ නැන්දම්මා සිටවා ඇති සියලු පැල ගලවා දැමීමලු.. ඈ… මේකි යකෝ.. ඒකිගෙ #&%-#&$#;#@@*#@… ” 
” අම්මෙ අම්මේ.. කලබල නොවන්න.. ඉවසන්න.. ” මම කලුතර බලා යන බස් ඇති වේලාවන් පිරික්සමින් සිටි අම්මා ව සන්සුන් කලෙමි.. ” ඊගාව එක කියන්න බලන්න.. ”
” ම්… මේක නං මේ ලඟපාතින්.. මහරගමින්.. ඒ ළමයා රඟපාන්න දක්ෂ ලමයෙක්ලු.. හොඳට අඬන්නත් පුළුවන්ලු ඕන්නම් නාඬම ඉන්නත් පුළුවන්ලු.. ආ… රතු පෑනෙන් ලියලා තියේ ටික දොහකින් දරු පැටියෙක් තෑගි කරන්නම් කියලා.. ”
” ආ ඒක නියමයි.. ” රතු පෑනින් තිබූ වැකිය නිසා ආනන්දයට පත් මම කෑගැසීමි.. ” ඒ ගෑණු ළමයාට මං කැමතියි කියන්න අම්මේ.. ”
ඉතින් අම්මා ඒ ලිපිනයට පිළිතුරු යැවූ අතර අප මනා වස්ත්‍රාභරණයෙන් හා සූසැටභරණින් සැරසී නා කපනා වැහි වහින දිනෙක කඩිමුඩියේ ඈ බැලීමට ගියෙමු.. 
අප ව සාදරයෙන් පිළිගත් නිවැසියෝ මද වේලාවක් සුහද කතාවේ නියැලෙමින් සිටි අතර මනාලිය ඉදිරිපත් කිරීමේ අවස්ථාව සඳහා කාලය ද එළැඹුණි..
” දැන් පිළිගන්න අපේ දුව… ”
ඇගේ පියා මදක් ඉදිරියට නැවී අත දිගු කර නාට්‍යානුසාරයෙන් පැවසූ අතර මාගේ අනාගත සහකාරිය ; මාගේ දරුවන්ගේ මව වීමට නොඉවසිල්ලෙන් බලා සිටින ඒ කුලඟන දැක බලා ගැනීමට මා වහා එදෙසට හැරුණෙමි..
අහෝ…!!!! මහත් වූ උදරයක් සහිත ගැබිණියක් මා දෙසට පැමිණෙයි..
” මේ – මේ – මේ ළමයා ප්‍රෙග්නන්ට්නෙ… ” මට ගොත ගැසෙයි.. වචන පැටලෙයි.. කෙළ නොගිලෙයි.. හුස්ම නොවැටෙයි..
” ආ… ඒක මේ සුලු වැරැද්දක් නිසා වුණු දෙයක්.. ” ඇගේ මව සිනාසුණි.. ” ඩිලිවරියට තව මාසයයි… ඒකනෙ දුව ටික දවසකින් දරුවෙක් තෑගි කරන්නම් කියලා ලියලා යැව්වෙ බෑණෝ… ”
” මොකක් ?????? බෑ–ණා !!! ”
මම ක්ලාන්ත වී ඇද වැටුණෙමි…
– නිරුණ තිවංකර කඳන්හේන –

She Walks in Beauty



















She walks in beauty, like the night
Of cloudless climes and starry skies;
And all that's best of dark and bright
Meet in her aspect and her eyes:
Thus mellow'd to that tender light
Which heaven to gaudy day denies.

One shade the more, one ray the less,
Had half impaired the nameless grace
Which waves in every raven tress,
Or softly lightens o'er her face;
Where thoughts serenely sweet express
How pure, how dear their dwelling-place.

And on that cheek, and o'er that brow,
So soft, so calm, yet eloquent,
The smiles that win, the tints that glow,
But tell of days in goodness spent,
A mind at peace with all below,
A heart whose love is innocent!


 -1813-Lord Byron

Sunday, January 13, 2019

කුසලතාවය ......


චීනයේ සොරුන් දෙදෙනෙක් බැංකුවක් මංකොල්ල කෑමට පැමිණියේය.
"කරුණාකර බිම දිගා වන්න.මේ මුදල් අයිති බැංකුවට,ඔබලාගේ ජීවිත පිළිබඳ වගකීම අයිති ඔබටය" සොරුන් පැවසීය.සියල්ලෝම බිම දිගා විය.
"යමක් ඒත්තු ගැන්වීමේ හැකියාව යනු මෙයයි" අදහසක් කාවැද්දීමට ඇති හැකියාව මෙයයි.
මේ අතර එක් කාන්තාවක් කෑ මොර දෙන්නට විය."නෝනා,අපි ආවේ බැංකුව මංකොල්ල කෑමට මිසක් ඔබට අතවර කිරීමට නෙමෙයි.කරුණාකර නිශ්ශබ්ධ වන්න"වැඩිමහල් සොරා පැවසීය.ඇය නිශ්ශබ්ධ විය.
"වෘත්තීය නිපුනත්වය යනු මෙයයි".ඔබ කළ යුතු දේ ගැන පමණක් අවධානය යොමු කරන්න.
සොරුන් කොල්ල කා ගෙදර ගියේය.මේ අතර උපාධිදාරී බාල සොරා මුදල් ගැනිය යුතු බව 8 වසර පමණක් සමත් වැඩිමල් සොරාට පැවසීය."ඕනෙ නෑ.අද රෑ නිවුස් වලට ගාන හරියටම කියයි".වැඩිමල් සොරා පැවසීය.
"පළපුරුද්ද යනු මෙයයි".මේ කාලේ උගත් කමට වඩා පළපුරුද්ද වටින බව මින් ගම්‍ය වෙයි.
මේ අතර බැංකු කළමණාකරු ගණකාධීවරයාට පොලීසියට පැමිණිළි කරන ලෙස පැවසීය."මොහොතක් ඉන්න.අපිත් මෙතනින් කෝටි 10ක් ගමු.කලින් වතාවල අපි යටි මඩි ගහපු කෝටි 70ත් මේකටම එකතු කරල පොලීසියට කියමු ඒවා හොරු ගත් බව" ගණකාදීවරයා පැවසීය.
"රැල්ල යන පැත්තට පීනනවා කියන්නෙ මේකටයි" අවාසිදායක අවස්ථාවක් වූවත් වාසිදායක අතට හරවා ගැනීම මේයයි.
"හොඳයි හොඳයි,හැම මාසෙම මෙහෙම කොල්ල කනවනං අපි ගොඩ" කළමණාකරු පැවසීය.
"ආත්ම තෘප්තිය රැකියාවට වඩා වටින බව මෙයින් කියවෙයි"
පසු දින ප්‍රවෘත්ති වලට බැංකුවකින් කෝටි 100 ක් කොල්ල කා ඇති බව ප්‍රකාශ කලේය.සොරුන් කෙතරම් ගණන් හැදුවත් එහි කෝටි 20 ට වඩා සතයක්වත් නොවීය.
"අපි ජීවිත පරදුවට තියල කෝටි 20ක් සොරකම් කළා.බැංකුවේ නිළධාරීන් කිසිදු අපහසුවකින් තොරව කෝටි 80 ක් හොයා ගත්තා".සොරුන් පසුතැවිලි විය.
"බුද්ධිය රන් වලට වඩා වටින බව මෙයින් තහවුරු වෙයි"
බැංකුවේ කළමණාකරු ඉතා සතුටින් සිටින අතරතුර මෙසේ සිතීය."මමයි ගණකාදීකාර වරයයි කෝටි 10 ක් හම්බ කලා.අපි නිසා බැංකුවට පාඩු වුන කෝටි 70ත් හෙවුවා"
අවස්තාවෙන් ප්‍රයෝජන ගැනීම යනු මෙයයි.
(උපුටා ගත්තේ: අළුත් ගැජට් ෆේස්බුක් පිටුවෙන්)

Saturday, January 12, 2019

ඔයා දන්නැ






















ඉස්සර වගේ දැන්, කවි වල හංඟලා
ඔයා ගැන ලියන්නට හිතක් නෑ 
අහසෙ හිස් තැන් වලට, කළු පාට ගෑවාම 
වැහි මිසක ඉර එලිය වැටෙන් නෑ... 

ඔයා පස්සෙම වැටිල, පියාඹපු සමනල්ලු
උන් නම් කියන දේ ඇහුවෙ නෑ 
නින්ද නැති දාට මං, උන්ගෙ තටු පොඩි කලා 
ඒ උනත් තවම උන් මැරුනෙ නෑ... 

ඔයාගේ ඇස් වලින්, මගෙ හිතේ මල් මහපු 
ඉඳිකටු පාර නම් මැකෙන් නෑ 
ඒ පාර දිගේ මං, රතු රෝස පැල කලා 
දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ...

සඳ කිඳුරු ජාතකේ, කින්නරිය මරුනාට
කවුරුවත් ඒ වගේ මැරෙන් නෑ
ඔයා දන්නැතුවාට, පපුව පැලුනට පස්සෙ
ජීවිතේ ගෙවන එක ලේසි නෑ... 

WW (Dewrangi)
20 May 2018

Thursday, January 10, 2019

දන්නවද සේලයින් වල තියෙන්නේ මොනවද කියලා?




"මිස් රුවන්ව ඉස්සරහ ඇඳකට අරන් සේලයින් 200ml fast දාන්න."

වාට්ටුවේ කොට බිත්තියෙන් එබුන මම හෙදියට ඇහෙන්න කෑගහලා කිව්වේ ලෙඩාගේ රුධිර පීඩනය අඩු වෙලා තිබුන නිසා.

රුවන් අවුරුදු 16 ඉස්කෝලෙ යන මල්ලි කෙනෙක්. දවස් තුනකට වැඩිය උණ තිබිලා ලේ report එකේ platelets ලක්ෂයට අඩුවෙන් තිබුන නිසා ඩෙංගු කියලා සැක කරලා අපේ වාට්ටුවට ඇතුල් කරලා තිබුනේ ඊයේ.

අද උණ හැදිලා 5 වෙනි දවස. ඩෙංගු රක්තපාත තත්වයට යනවා නම් යන්න වැඩිම ඉඩක් තියෙන දවසක්. අතර අද උදේ ward round එකේදි රුධිර පීඩනයත් අඩුවෙලා.

ආපු ගමන් අපි හැම වැඩිහිටි ‍‍උණ ලෙඩෙකුටම සාමාන්යයෙන් කියන්නේ පැයට මිලි 100 බැඟින් බොන්න, පැය 2න් 2 මුත්රා මනින්න කියලා.

රුවන්ටත් එහෙම තමයි කියලා තිබුනේ.

"
ඇයි ඩොක්ට එයාට විතරක් සේලයින් දෙන්නේ?" මේක බලන් හිටපු රුවන්ගේ යසෙම තවත් ලෙඩෙක් මට ඇහෙන නොඇහෙන ගාණට කියනවා මට ඇහුනා.

සේලයින් ගැන සමාජයේ මුල් බැහැලා තියෙන වැරදි මත නිවැරදි කරන්න මේ තරම් තවත් මොහොතක් නැති බව මට තේරුනා. සමහරු සේලයින් එක දකින්නේ මැජික් අරිෂ්ඨයක් විදහට. එතන වැරැද්දකුත් නෑ. රුවන් නම් මේ වෙලාවේ හැටියට සේලයින් එක මැජික් අරිෂ්ඨයක් තමයි.

"
ශානික දන්නවද සේලයින් වල තියෙන්නේ මොනවද කියලා?" මම ඔහුගේ ටිකට් එක අතට අර ගන්න ගමන් ඇහුවා.

"
අනේ මන්දා ඩොක්ට. ඉක්මණට සනීප වෙන බේතක් ‍‍මොනවා හරි ඇති."

"
සේලයින් වලට ඕනෙ නම් බේත් දාලා දෙන්න පුලුවන්. ඒත් මොකුත් නොදාපු සේලයින් බෝතලේක තියෙන්නේ වතුරයි ලුණුයි විතරයි කියලා දන්නවද?"

"
මොකක් වතුරයි ලුණුයි? එතකොට ඇයි රුවන්ට වතුරයි ලුණුයි දෙන්නේ?"

"
හොඳ ප්රශ්නයක්." මම ශානිකගේ අතට රුධිර පීඩනය මනින්න cuff එක දාලා ඒක inflate කරන්න ගත්තා.

"
ඔයාගේ රුධිර පීඩනය 100/60 mmHg. ඒත් රුවන්ගේ 90/70 mmHg. කියන්නේ එයාගේ රුධිර නාල ඇතුලේ අවශ් තරම් රුධිර පීඩනයක් නෑ. එහෙම උනොත් මොනවා වෙයිද?"

"
මට තේරෙන්නෑ ඩොක්ට."

රුධිර නාල රබර් බට වගේ. ඒවා ඇදිලා තියෙන්නේ ඒවා ඇතුලේ ගලන රුධිරයේ පීඩනයක් තියෙන නිසා. පීඩනය ලබා දෙන්නේ හෘදයෙන් කරන පොම්ප කිරීමෙන්. ඉතින් මේ පීඩනය අඩු උනොත් බට ඇකිලිලා හෘදයෙන් ඈත තියෙන අවයව වලට රුධිර සැපයුම අඩු වෙන්න පුලුවන්. මේ අතරින් මොළය, වකුගඩු වගේ අවයව විශේෂයි. රුධිර සැපයුම අඩු උනොත් ඒවට පෝෂණය සහ ඔක්සිජන් හරියට නොලැබී ඒවා මිය යන්නටත් පුලුවන්. වතුර බීලා පීඩනය නිවැරදි කරන්න අමාරුයි. ඉතින් වගේ අවස්ථාවක ඉක්මණින් රුධිර පීඩනය තාවකාලිකව ඉහළ නංවන්න තමයි රුවන්ට සේලයින් දෙන්න කිව්වේ. ලුණු තිබෙන නිසා සේලයින් වල රුධිරයට සාපේක්ෂව සමාභිසාරක ද්රාවණයක් (isotonic solution) නිසා ශරීරයේ සෛල හා රුධිර නාල පුරා සමව බෙදී යනවා. නැතුව සේලයින් එකෙන් ලැබෙන පෝෂණමය හෝ ඖෂධමය ගුණයක් නිසා නෙවෙයි.

"
එතකොට සේලයින් එකෙන් පෝෂණය හරි ඖෂධ හරි දෙන්න බැරිද ඩොක්ට?" ශානික ගෙන් තවත් ප්රශ්නයක්.

දෙන්න පුලුවන්. මේ ගැන කතා කරනවා නම් දවසක් කතා කරන්න පුලුවන්. ඕවා දැන් කතා කරන්න ගියොත් මට අනිත් ලෙඩ්ඩු බලලා ඉවර කරන්න වෙන එකක් නෑ. හවසට වෙලාවක් තිබුනොත් කියලා දෙන්නම්කෝ. මට තව බලන්න ඉතුරුවෙලා ඉන්න ලෙඩ්ඩු ගොඩ දිහා මම බලන ගමන් කිව්වා.

-------------------------------------------------------------------------------------------------------------------------------------------

සේලයින් වල ඇත්තටම මොනවද තියෙන්නේ ?

»
ශිරා හරහා ලබාදෙන තරල වර්ග නැත්තම් IV fluids වලට පොදුවේ සේලයින් කියලා තමයි හැමෝම කියන්නේ. නමුත් නෝමල් සේලයින් නැත්නම් Normal Saline (0.9% NaCl) කියන බහුලවම භාවිතා වන IV fluid එකේ තියෙන්නේ NaCl නැත්නම් අපි ලුණු ලෙස හඳුන්වන සංයෝගයයි, වතුර මිලි ලීටර් 500කුයි විතරයි.

එතකොට වෙන සේලයින් වර්ගත් (IV fluids) තියෙනවද?

»
ඔව් කීපයක් තියෙනවා. මේ එ් අතරින් බහුලවම පාවිච්චි වෙන කීපයක්. ඒවා භාවිතා වන අවස්ථා එකිනෙකට වෙනස්.

» Normal Saline (0.9% NaCl)
» Hypertonic Saline (3% NaCl)
» Hartmann’s Solution
» 5% Dextrose Solution
» Dextran
» Hetastarch

සේලයින් වර්ග (IV fluids) දෙන්නේ ඇයි?

1.
රුධිර පීඩනය පවත්වා ගැනීම
අධික රුධිර වහනයකදී, අධිකව විජනලය වූ අයට හා ඩෙංගු වැනි රුධිර නාල වලින් තරල කාන්දු වෙන අවස්ථා වලදී.
(
උදා: Normal Saline සහ Dextran)

2.
පෝෂණය ලබාදීම
මුඛ මාර්ගයෙන් ආහාර ලබා ගැනීමට නොහැකි අයට විකල්ප පෝෂණ ක්රමයක් ලෙස (උදා: 5% Dextrose සහ Total Parenteral Nutrition)

3.
රුධිරයේ Na+, K+, Cl- වැනි අයන අසමතුලිතතා මඟ හරවා ගැනීමට.
(
උදා: Normal Saline සහ Hartmann’s Solution)

4.
බෙහෙත් ලබාදීම
ශිරා මාර්ගයෙන් ලබා දිය යුතු ප්රතිජීවක වැනි ඖෂධ ශරීරගත කිරීමේ ක්රමයක් ලෙස.
(
උදා: ප්රතිජීවක වර්ග Normal Saline හරහා ලබා දේ)

Normal Saline
හැමෝටම දෙන්නේ නැත්තේ ඇයි?

»
අනවශ් විදියට සේලයින් දෙන්න යන එකෙන් කරදර ගොඩක් වෙන්න පුලුවන්.

1.
විෂබීජ ශරීරයට පහසුවෙන් ඇතුල්වීම (cannula site infections) :
සේලයින් දෙන්නේ cannula නම් ශරීරයේ බාහිරයේ සිට ශිරාවකට ඇතුල් කළ කටුවක් හරහා. මෙසේ කිරීමේදී සම මතුපිට ඉන්න විෂබීජ රුධිරයට ඇතුල් වීමේ අවදානමක් තිබෙනවා. ඉතින් මේ කටු මාරු කරන්න වෙනවා දවස් 3කට වැඩියෙන් භාවිතා වෙනවා නම්.

2.
රුධිර නාල තුළ තරල ප්රමාණය ඉහළ යාම (fluid overload) : හෘදයට වැඩිවූ තරල ප්රමාණය පොම්ප කර ගැනීමට නොහැකි වීමෙන් අකර්මන් (Heart Failure) වෙන්න පුලුවන්.

3.
රුධිරයේ Na+, K+, Cl- වැනි අයන අසමතුලිතතා ඇතිවීම : හෘදයාබාධ ඇතිවී මරණයට පත්වීමේ අවදානමක් තිබෙනවා.

4.
අසාත්මිකතා (allergic reactions) : කලාතුරකින් ඇතිවිය හැක. විශේෂයෙන් සේලයින් හරහා වෙනත් ඖෂධ ලබාදීමේදී බහුලවම දක්නට ලැබෙනවා. කෙලින්ම රුධිරයට කලවම් වන නිසා බරපතල තත්වයන් (anaphylaxis) පවා ඉක්මණින් ඇතිවී මරණයට පත්වීමේ අවදානමක් තිබෙනවා.

ඉතින් මීට පස්සේ දොස්තර ඔයාට සේලයින් එකක් වත් දුන්නේ නෑ කියලා බනින්න කලින් දෙපාරක් හිතලා බලන්න. සේලයින් නොදීමෙන් ඔහු අනවශ් ගැටලු ගොඩකින් ඔයාව බේරගෙන තිබුනා වෙන්න පුලුවන්.

හැමෝටම ගැටලුවක් වෙලා තියෙන දෙයක් තමයි අද කාටත් තේරෙන සරල විදියට පැහැදිලි කරන්න උත්සාහ කළේ.

සත් සිදුවීමකි. නම් ගම් මනඃකල්පිතයි.
~වෛද් චන්දිම ජයසිංහ~