Search This Blog

Thursday, January 10, 2019

දන්නවද සේලයින් වල තියෙන්නේ මොනවද කියලා?




"මිස් රුවන්ව ඉස්සරහ ඇඳකට අරන් සේලයින් 200ml fast දාන්න."

වාට්ටුවේ කොට බිත්තියෙන් එබුන මම හෙදියට ඇහෙන්න කෑගහලා කිව්වේ ලෙඩාගේ රුධිර පීඩනය අඩු වෙලා තිබුන නිසා.

රුවන් අවුරුදු 16 ඉස්කෝලෙ යන මල්ලි කෙනෙක්. දවස් තුනකට වැඩිය උණ තිබිලා ලේ report එකේ platelets ලක්ෂයට අඩුවෙන් තිබුන නිසා ඩෙංගු කියලා සැක කරලා අපේ වාට්ටුවට ඇතුල් කරලා තිබුනේ ඊයේ.

අද උණ හැදිලා 5 වෙනි දවස. ඩෙංගු රක්තපාත තත්වයට යනවා නම් යන්න වැඩිම ඉඩක් තියෙන දවසක්. අතර අද උදේ ward round එකේදි රුධිර පීඩනයත් අඩුවෙලා.

ආපු ගමන් අපි හැම වැඩිහිටි ‍‍උණ ලෙඩෙකුටම සාමාන්යයෙන් කියන්නේ පැයට මිලි 100 බැඟින් බොන්න, පැය 2න් 2 මුත්රා මනින්න කියලා.

රුවන්ටත් එහෙම තමයි කියලා තිබුනේ.

"
ඇයි ඩොක්ට එයාට විතරක් සේලයින් දෙන්නේ?" මේක බලන් හිටපු රුවන්ගේ යසෙම තවත් ලෙඩෙක් මට ඇහෙන නොඇහෙන ගාණට කියනවා මට ඇහුනා.

සේලයින් ගැන සමාජයේ මුල් බැහැලා තියෙන වැරදි මත නිවැරදි කරන්න මේ තරම් තවත් මොහොතක් නැති බව මට තේරුනා. සමහරු සේලයින් එක දකින්නේ මැජික් අරිෂ්ඨයක් විදහට. එතන වැරැද්දකුත් නෑ. රුවන් නම් මේ වෙලාවේ හැටියට සේලයින් එක මැජික් අරිෂ්ඨයක් තමයි.

"
ශානික දන්නවද සේලයින් වල තියෙන්නේ මොනවද කියලා?" මම ඔහුගේ ටිකට් එක අතට අර ගන්න ගමන් ඇහුවා.

"
අනේ මන්දා ඩොක්ට. ඉක්මණට සනීප වෙන බේතක් ‍‍මොනවා හරි ඇති."

"
සේලයින් වලට ඕනෙ නම් බේත් දාලා දෙන්න පුලුවන්. ඒත් මොකුත් නොදාපු සේලයින් බෝතලේක තියෙන්නේ වතුරයි ලුණුයි විතරයි කියලා දන්නවද?"

"
මොකක් වතුරයි ලුණුයි? එතකොට ඇයි රුවන්ට වතුරයි ලුණුයි දෙන්නේ?"

"
හොඳ ප්රශ්නයක්." මම ශානිකගේ අතට රුධිර පීඩනය මනින්න cuff එක දාලා ඒක inflate කරන්න ගත්තා.

"
ඔයාගේ රුධිර පීඩනය 100/60 mmHg. ඒත් රුවන්ගේ 90/70 mmHg. කියන්නේ එයාගේ රුධිර නාල ඇතුලේ අවශ් තරම් රුධිර පීඩනයක් නෑ. එහෙම උනොත් මොනවා වෙයිද?"

"
මට තේරෙන්නෑ ඩොක්ට."

රුධිර නාල රබර් බට වගේ. ඒවා ඇදිලා තියෙන්නේ ඒවා ඇතුලේ ගලන රුධිරයේ පීඩනයක් තියෙන නිසා. පීඩනය ලබා දෙන්නේ හෘදයෙන් කරන පොම්ප කිරීමෙන්. ඉතින් මේ පීඩනය අඩු උනොත් බට ඇකිලිලා හෘදයෙන් ඈත තියෙන අවයව වලට රුධිර සැපයුම අඩු වෙන්න පුලුවන්. මේ අතරින් මොළය, වකුගඩු වගේ අවයව විශේෂයි. රුධිර සැපයුම අඩු උනොත් ඒවට පෝෂණය සහ ඔක්සිජන් හරියට නොලැබී ඒවා මිය යන්නටත් පුලුවන්. වතුර බීලා පීඩනය නිවැරදි කරන්න අමාරුයි. ඉතින් වගේ අවස්ථාවක ඉක්මණින් රුධිර පීඩනය තාවකාලිකව ඉහළ නංවන්න තමයි රුවන්ට සේලයින් දෙන්න කිව්වේ. ලුණු තිබෙන නිසා සේලයින් වල රුධිරයට සාපේක්ෂව සමාභිසාරක ද්රාවණයක් (isotonic solution) නිසා ශරීරයේ සෛල හා රුධිර නාල පුරා සමව බෙදී යනවා. නැතුව සේලයින් එකෙන් ලැබෙන පෝෂණමය හෝ ඖෂධමය ගුණයක් නිසා නෙවෙයි.

"
එතකොට සේලයින් එකෙන් පෝෂණය හරි ඖෂධ හරි දෙන්න බැරිද ඩොක්ට?" ශානික ගෙන් තවත් ප්රශ්නයක්.

දෙන්න පුලුවන්. මේ ගැන කතා කරනවා නම් දවසක් කතා කරන්න පුලුවන්. ඕවා දැන් කතා කරන්න ගියොත් මට අනිත් ලෙඩ්ඩු බලලා ඉවර කරන්න වෙන එකක් නෑ. හවසට වෙලාවක් තිබුනොත් කියලා දෙන්නම්කෝ. මට තව බලන්න ඉතුරුවෙලා ඉන්න ලෙඩ්ඩු ගොඩ දිහා මම බලන ගමන් කිව්වා.

-------------------------------------------------------------------------------------------------------------------------------------------

සේලයින් වල ඇත්තටම මොනවද තියෙන්නේ ?

»
ශිරා හරහා ලබාදෙන තරල වර්ග නැත්තම් IV fluids වලට පොදුවේ සේලයින් කියලා තමයි හැමෝම කියන්නේ. නමුත් නෝමල් සේලයින් නැත්නම් Normal Saline (0.9% NaCl) කියන බහුලවම භාවිතා වන IV fluid එකේ තියෙන්නේ NaCl නැත්නම් අපි ලුණු ලෙස හඳුන්වන සංයෝගයයි, වතුර මිලි ලීටර් 500කුයි විතරයි.

එතකොට වෙන සේලයින් වර්ගත් (IV fluids) තියෙනවද?

»
ඔව් කීපයක් තියෙනවා. මේ එ් අතරින් බහුලවම පාවිච්චි වෙන කීපයක්. ඒවා භාවිතා වන අවස්ථා එකිනෙකට වෙනස්.

» Normal Saline (0.9% NaCl)
» Hypertonic Saline (3% NaCl)
» Hartmann’s Solution
» 5% Dextrose Solution
» Dextran
» Hetastarch

සේලයින් වර්ග (IV fluids) දෙන්නේ ඇයි?

1.
රුධිර පීඩනය පවත්වා ගැනීම
අධික රුධිර වහනයකදී, අධිකව විජනලය වූ අයට හා ඩෙංගු වැනි රුධිර නාල වලින් තරල කාන්දු වෙන අවස්ථා වලදී.
(
උදා: Normal Saline සහ Dextran)

2.
පෝෂණය ලබාදීම
මුඛ මාර්ගයෙන් ආහාර ලබා ගැනීමට නොහැකි අයට විකල්ප පෝෂණ ක්රමයක් ලෙස (උදා: 5% Dextrose සහ Total Parenteral Nutrition)

3.
රුධිරයේ Na+, K+, Cl- වැනි අයන අසමතුලිතතා මඟ හරවා ගැනීමට.
(
උදා: Normal Saline සහ Hartmann’s Solution)

4.
බෙහෙත් ලබාදීම
ශිරා මාර්ගයෙන් ලබා දිය යුතු ප්රතිජීවක වැනි ඖෂධ ශරීරගත කිරීමේ ක්රමයක් ලෙස.
(
උදා: ප්රතිජීවක වර්ග Normal Saline හරහා ලබා දේ)

Normal Saline
හැමෝටම දෙන්නේ නැත්තේ ඇයි?

»
අනවශ් විදියට සේලයින් දෙන්න යන එකෙන් කරදර ගොඩක් වෙන්න පුලුවන්.

1.
විෂබීජ ශරීරයට පහසුවෙන් ඇතුල්වීම (cannula site infections) :
සේලයින් දෙන්නේ cannula නම් ශරීරයේ බාහිරයේ සිට ශිරාවකට ඇතුල් කළ කටුවක් හරහා. මෙසේ කිරීමේදී සම මතුපිට ඉන්න විෂබීජ රුධිරයට ඇතුල් වීමේ අවදානමක් තිබෙනවා. ඉතින් මේ කටු මාරු කරන්න වෙනවා දවස් 3කට වැඩියෙන් භාවිතා වෙනවා නම්.

2.
රුධිර නාල තුළ තරල ප්රමාණය ඉහළ යාම (fluid overload) : හෘදයට වැඩිවූ තරල ප්රමාණය පොම්ප කර ගැනීමට නොහැකි වීමෙන් අකර්මන් (Heart Failure) වෙන්න පුලුවන්.

3.
රුධිරයේ Na+, K+, Cl- වැනි අයන අසමතුලිතතා ඇතිවීම : හෘදයාබාධ ඇතිවී මරණයට පත්වීමේ අවදානමක් තිබෙනවා.

4.
අසාත්මිකතා (allergic reactions) : කලාතුරකින් ඇතිවිය හැක. විශේෂයෙන් සේලයින් හරහා වෙනත් ඖෂධ ලබාදීමේදී බහුලවම දක්නට ලැබෙනවා. කෙලින්ම රුධිරයට කලවම් වන නිසා බරපතල තත්වයන් (anaphylaxis) පවා ඉක්මණින් ඇතිවී මරණයට පත්වීමේ අවදානමක් තිබෙනවා.

ඉතින් මීට පස්සේ දොස්තර ඔයාට සේලයින් එකක් වත් දුන්නේ නෑ කියලා බනින්න කලින් දෙපාරක් හිතලා බලන්න. සේලයින් නොදීමෙන් ඔහු අනවශ් ගැටලු ගොඩකින් ඔයාව බේරගෙන තිබුනා වෙන්න පුලුවන්.

හැමෝටම ගැටලුවක් වෙලා තියෙන දෙයක් තමයි අද කාටත් තේරෙන සරල විදියට පැහැදිලි කරන්න උත්සාහ කළේ.

සත් සිදුවීමකි. නම් ගම් මනඃකල්පිතයි.
~වෛද් චන්දිම ජයසිංහ~

3 comments: